පාසල් ගීතය
හද පිරි බැති පෙම් කුසුම් පුදා
නමදිමු විදුහල් මෑණි සදා...
පෙර මහ රජවරු කිතු ගොස පතුරා..
දිය ජය ධජ නංවා...
රජැයුනු හෙල විරු පරපුර මෙපෙදෙස
අපහට සිහි ගන්වා...
දෙස බස රැස යන තෙරුවන් අගයන
අප හට සතර පොවා...
අප හැම ගෙන යනු විදුහල් මව්නි
දිවියේ මිහිර දෙවා...
ලකඹර තරු ලෙස හොබවන සිසු කැල
ඔබගේ පා සෙවණේ
නමදිමු නමදිමු රජගලතැනි මහ
විදුහල් මෑණියනේ....
වැජඹේ...වැජඹේ ...වැජඹේ ...වැජඹේ ...
විදුහල් මෑණි සදා...