ඉතිහාසය හා ආරම්භය
- අනුබුදු මිහිඳු හිමියන්ගේ භස්මාවශේෂ තැම්පත් කර ඇති ශ‍්‍රී ලංකාවේ සුවිශේෂී පුරාවිද්‍යාත්මක ස්ථානයක් වන රජගල කඳු වැටිය හේතුවෙන් මහාමාත්‍ය ඞී එස් සේනානායක මැතිඳුන් ආරම්භ කළ ගල්ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරයේ අංක 34 ජනපදය රජගලතැන්න ජනපදය ලෙස ව්‍යවහාර විය. ගල්ඔය ගොවිජනකරණය සමඟ ප‍්‍රදේශයේ කෙමෙන් කෙමෙන් විද්‍යස්ථාන ආරම්භවෙද්දී 34 ජනපදයේ ආරම්භ වූ පාසල මණ්ඩූර් අංක 34 රජයේ මිශ‍්‍ර පාඨශාලාවයි. එය වෙල්ලාවෙලි මාර්ගයේ බක්කිඇල්ල ප‍්‍රදේශයේ මුලින්ම ස්ථාපිත විය. එම සුවිශේෂී දිනය වුයේ 1956 සැප්තැම්බර් මස 01 දාය. ගුරුවරු හතර දෙනෙකු හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 දෙනෙකුගෙන් එම දුෂ්කර ගමන ආරම්භ විය. 1956 වර්ෂයේදී පාසල රජගලතැන්න මංසංධිය අසල වර්තමානයේ පාසල පිහිටි ස්ථානයට ගෙන එනු ලැබූ අතරල එහි නම රජගලතැන්න විද්‍යාලය බවට පත් විය.
විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ලෙස සි. විමල මල්ලිකාරච්චි මැතිඳුන්ගේ නාමය අද පවා ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරන්නේ එතුමන්ගේ සේවයට පිදෙන උපහාරයක් වශයෙනි.
1970 දශකය විද්‍යාලයේ ස්වර්ණමය යුගයයි. අම්පාර කලාපයේම රජගලතැන්න මහා විද්‍යාලය හැර උසස් පෙළ කලා, වාණිජ, විද්‍යා, යන විෂය ධාරා තුනම පැවති විද්‍යාලය වූයේ තවත් දෙකක් පමණි. ඉතා දුර බැහැර ප‍්‍රදේශ වලින් පවා දූ දරුවන් දහස් සංඛ්‍යාවකට සිප් සතර ලබා දීමට එකල මෙම විද්‍යාලය සතුව භෞතික හා මානව සම්පත් සම්භාරයක් පැවතුණි.
1990 දශකය වන විට ප‍්‍රදේශයේ පැවති ද්‍රවිඩ ත‍්‍රස්තවාදී අරගල හේතුවෙන් විද්‍යාලයේ කටයුතු කෙරේද දැඩි බලපෑමක් එල්ල විය. බක්කිඇල්ල හංදියල දිව්ලානල නවගිරීයාව වැනි සෑම ගම්මානයකට ත‍්‍රස්තවාදි ප‍්‍රහාර එල්ල වීම හේතුවෙන් එය සෘජුවම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරේ අනියම්ව බාධා ගෙන න්නේය.
විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව වර්තමානය වන විට ක‍්‍රමයෙන් අඩු වීමක් පෙන්නුම් කරයි. පසුගිය වකවානුවේ නුවර ප‍්‍රධාන මාර්ගය ඔස්සේ කලට වේලාවට ප‍්‍රවාහන පහසුකම් නොතිබීම හේතුවෙන් බොහෝ දරුවන් බොහෝ දරුවන් වෙනත් පාසල් තෝරා ගැනීම එයට ප‍්‍රධාන හේතුවයි.
|
ආරම්භ කළ වර්ෂය |
1956 දෙසැම්බර් 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
04 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
40 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අම්/රඡගලතැන්න ම.වි |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1958 ඔක්තෝම්බර් 04 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
අම්පාර, රඡගල ගම්මානයේ පැරණි ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1956 දෙසැම්බර් 16 දින |